Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව නිතර අසන පැන

නිතර අසන පැන

  • පුද්ගලික අවශ්‍යතාවන් සදහා වාහනයක් හෝ යන්ත්‍රයක් ලබා ගැණිම සදහා පළමුව ඒ පිළිබදව ලිපියක් මගින් හෝ දුරකථන මාර්ගයෙන් පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂතුමා වෙතින් විමසිමක් කළ යුතුය
  • අනතුරුව එම යන්ත්‍රය හෝ වාහනය යොදා ගනු ලබන ස්ථානය පිළිබදව සොයා බලා අවශ්‍ය නම් ක්ෂේත්‍රයට පැමිණ විමර්ශනය කර යන්ත්‍රය හෝ වාහනය ලබා දිමේ හැකියාව ආයතනය මගින් තිරණය කරනු ලබයි
  • වාහනය හෝ යන්ත්‍රය ලබා දිමට සුදුසුනම් ආයතනය වෙත අදාල මුදල ලබා දි රිසිට්පතක් ලබාගත යුතුය
  • අදාල රිසිට්පත වාහන කුලි අංශයට ඉදිරිපත් කර අදාල වාහනය හෝ යන්ත්‍රය නියමිත කාර්යය සදහා අදාල දිනවලට ලබා ගත හැකිය
  • අදාල වාහනය හෝ යන්ත්‍රය ලබා දෙනු ලබන්නේ කුලියට ගනු ලබන අය විසින් ඉන්ධන ලබා දිමේ පදනම මතය
  • එමෙන්ම අදාල යන්ත්‍රය හෝ වාහනය ප්‍රවාහනය කර ගැනිමට සිදුවුවහොත් එම කාර්යයද (රැගෙන යාම හා නැවත භාර දීම) කුලියට ගනු ලබන පාර්ෂවය විසින් දැරිය යුතුය.
  • ගාස්තු සදහා කරුණාකර ( පින්තූර ගැලරිය බලන්න )

  • කුලි පදනම මත ලබාගත හැකි වාහන හා යන්ත්‍ර පිළිබද විස්තර පින්තූර ගැලරිය යටතේ දක්වා ඇත.

  • යම් ආයතනයක/දෙපාර්තුමේන්තුවක/අමාත්‍යංශයක හෝ කාර්යාලයකට අයත් වාහනයක් අලූත්වැඩියා ගැණිම සදහා පළමුව අදාල ආයතන ප්‍රධානියා මගින් තම අවශයතාව සදහන් කර ලිපියක් වාහන අලූත්වැඩියා ඒකකයට හෝ පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
  • අදාල ලිපියට නිර්දේශයක් ඉදිරිපත් කරනු ලබන අතර ඒ සදහා එකග වන්නේ නම් බදුල්ල අලූත්වැඩියා ඒකකය මගින් අදාල අමතර කොටස් යෙදිමකින් තොරව අදාල ආයතනය විසින් ලබා දෙනු ලබන අමතර කොටස් යොදා වාහනය අලූත්වැඩියා කරණු ලබන අතර සේවා ගාස්තුව සදහා වන ගාස්තු සදහා බිල්පතක් ඉදිරිපත් කරණු ලැබේ.
  • කහගොල්ල පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලයේ කාර්මික අංශයෙන් ඉහත අලූත්වැඩියාව කරන්නේ නම් අදාල ආයතනය විසින් අමතර කොටස් ලබා දිම හෝ පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලය මගින් අමතර කොටස් යොදා අලූත්වැඩියාව කරනු ලැබේ.
  • අමතර කොටස් අදාල ආයතනය විසින් ලබා දුනහොත් අලූත්වැඩියා ගාස්තුව පමණක් අයකරන අතර අමතර කොටස් පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂක කාර්යාලය මගින් යොදනු ලැබුවහොත් අමතර කොටස් හා අලූත්වැඩියා යන ගාස්තු අයකරණු ලැබේ.
  • ගාස්තු සදහා බිල්පතක් ඉදිරිපත් කරණු ලැබේ. එම බිල්පත පියවිමෙන් පසු ඉහත කාර්යය අවසන් වේ.

  • යම් ආයතනයක/දෙපාර්තුමේන්තුවක/අමාත්‍යංශයක හෝ කාර්යාලයකට අයත් වාහනයක් සේවා කර ගැනිම සදහා පළමුව අදාල ආයතන ප්‍රධානියා මගින් තම අවශ්‍යතාව සදහන් කර ලිපියක් වාහන සේවා ස්ථානයට හෝ පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය
  • අදාල ලිපියට නිර්දේශයක් ඉදිරිපත් කරනු ලබන අතර ඒ සදහා එකග වන්නේ නම් බදුල්ල වාහන සේවා ස්ථානය මගින් අදාල අමතර කොටස් යොදා වාහනය සේවා කරණු ලබන අතර සේවා ගාස්තුව හා අමතර කොටස් හා ලිහිසි තෙල් සදහා වන ගාස්තු සදහා බිල්පතක් ඉදිරිපත් කරණු ලැබේ. එම බිල්පත පියවිමෙන් පසු ඉහත කාර්යය අවසන් වේ.
  • දැනට පුද්ගලික අංශයේ වාහන සේවා නොකරණු ලැබේ.

  • යම් ආයතනයක/දෙපාර්තුමේන්තුවක/අමාත්‍යංශයක හෝ කාර්යාලයකට අයත් වාහනයක් පරික්ෂාකර ගැණිම සදහා පළමුව අදාල ආයතන ප්‍රධානියා මගින් තම අවශයතාව සදහන් කර ලිපියක් වාහන නඩත්තු ඒකකයට හෝ පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය.
  • ඒ අනුව අදාල වාහනය පරික්ෂාකර බලා වාහනය පිළිබද නිර්දේශ ඉදිරිපත් කරණු ලැබේ.
  • ගාස්තු සදහා රුපියල් 200.00 ක බිල්පතක් ඉදිරිපත් කරණු ලැබේග එම බිල්පත පියවිමෙන් පසු ඉහත කාර්යය අවසන් වේ.

  • සෑම වසරකම ඔක්තෝම්බර් මස අවසාන සතියේදි සතියේ හා සති අන්ත සිංහල හා ඉංග්‍රිසි මාධ්‍ය පුවත්පත් වල පළ කරණු ලබන ප්‍රසිද්ධ පුවත් පත් දැන්විමක් අනුව ඊළග වර්ෂය සදහා සැපයුම් කරුවන් ලියාපදිංචි කිරිමට අයදුම්පත් කැදවනු ලැබේ

  • වාහනයක් සදහා යෝග්‍යතා සහතිකයක් ලබා ගැණිමට අපේක්ෂා කරන අය විසින් පළමුව ආයතනය වෙත අදාල වාහනය ගෙනවිත් ආයතනය මගින් නිකුත් කරනු ලබන පෝරමය මගින් ඉල්ලිමක් කළ යුතුය (පෝරමය භාගත යටතේ දක්වා ඇත)
  • ආයතනය විසින් වාහනය පරික්ෂාකර බලා මෝටර් රථ අඥා පනතට අනුව යෝග්‍යතා සහතිකය හා අමතර වාර්ථා නිකුත් කරනු ලැබේ. මේ සදහා ආයතනය වෙත රුපියල් 250.00 ක මුදලක් ගෙවා රිසිට්පතක් ලබා ගත යුතුය.

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4