Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය සහ මුදල් හා ක‍්‍රම සම්පාදන, නීතිය හා සාමය, අධ්‍යාපන, පළාත් පාලන, සංස්කෘතික කටයුතු, ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන සහ ඉඳිකිරීම් අමාත්‍යාංශය
මුල් පිටුව අප ගැන ආවේනිකවූ තොරතුරු

දෙපාර්තමේන්තුවට ආවේනිකවූ තොරතුරු

අනාගත සැලසුම්

  • මොණරාගල දිස්ත්‍රික්කය සදහා වාහන අලූත්වැඩියා කිරිමේ නව ඒකකයක් ආරම්භ කිරිමට සැලසුම් කර තිබිම.
  • බදුල්ල වාහන අලූත්වැඩියා කිරිමේ ඒකකය නව ස්ථානයක ස්ථාපිත කිරිමට සැලසුම් කිරිම.
  • පළාත් යාන්ත්‍රික අධ්‍යක්ෂ කාර්යාලයට අනුබද්ධව බර වාහන ක්‍රීයාකරුවන් පුහුණු කිරිමේ ආයතනයක් ස්ථාපිත කිරිමට සැලසුම් කර තිබිම.
  • අත්තිකාරම් ගිණුම යටතේ ක්‍රියාත්මක වන ඉදිකිරිම් ඒකකයක් පිහිටුවිම.
  • පරිගණක අලූත්වැඩියා කිරිමේ නව ඒකකයක් ස්ථාපිත කිරිම.

ලබාගෙන ඇති ජයග්‍රහණ කුසලතා හා විශේෂ වැඩසටහන්

2009.02.02 දින කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වනු ලැබු "දැයට කිරුල” ප්‍රදර්ශනයේ ඌව පළාත් සභා ප්‍රදර්ශන කුටිය නියෝජනය කරමින් වාෂ්ප බලයෙන් ක්‍රියා කරන මාර්ග තලනයක ආකෘතියක් සකසා ඉදිරිපත් කරන ලදිග එන්ගලන්තයේ Aving & Forter යන සමාගමෙහි මුල් කාලයේදි නිෂ්පාදිත මෙම ආයතනය සතු පැරණි මාර්ග තලනයක් ඇසුරු කර ගනිමින් මෙම මාර්ග තලන ආකෘතිය නිර්මාණය කළ අතර එය ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය තුමා විසින් ඇගයිමට ලක් කරන ලදි. තවද මෙම නිර්මාණය 2009/09/02 දින ස්වාධින රූපවාහිණියේ අටපට්ටම වැඩ සටහන මගින්ද විකාශනය කරමින් ඇගයිමට භාජනය කරන ලද අතර ඒ මගින් මේ වන විට විශාල මහජන ප්‍රතිචාරයක් ආයතනයට ලැබිම පිළිබිඹු කිරිම සනිටුහන් කරමින් විවිධ තරාතිරමේ පුද්ගලයින් මෙම යන්ත්‍රයේ ආකෘතිය හා පැරණි මාර්ග තලනය නැරඹිමට ආයතනයට පැමිණිම අප ලද ජයග්‍රහණයකි.


දඹානේ ආදි වාසින් සදහා "දඩ බිමෙන් ගොවි බිමට” යන තේමාව යටතේ සත්ත්ව දඩයමින් තම ජිවනෝපාය සරිකර ගැණිම වෙනුවට වෙනත් විකල්ප මාවතකට යොමු කරමින් (ගොවිතැනට) කිරිවනාගල්කදුර වැව සම්පුර්ණයෙන්ම ඉදි කර අවසන් කර ඇතග තවද මෙම ගොවි බිම වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැණිම සදහා ඉදි කරනු ලැබු විදුලි අලි වැට වෙනුවෙන්ද ක්ෂේත්‍ර වැඩ කටයුතු සදහා අප විසින් ඉමහත් දායකත්වයක් ලබා දි ඇත.

ඌව පළාත පාලනය කළ කුමාරදාස රජ සමයේ පැවති වැවකැයි ජන වහරයේ එන "මාලිගාතැන්න වැව”  වල් බිහි වි විනාශ වි කැඩි බිදිගොස් තිබුණි. එම වැව නැවත ප්‍රතිසංස්කරණය කර එහි අවට පදිංචි ප්‍රදේශ වාසින්ට ප්‍රබල ගැටලූවක්ව පැවති පානිය ජල අවශ්‍යතාව හා ගොවිතැනට අවැසි ජලයද එමගින් ලබා ගැණිමට අවස්ථාව සලසා දෙන ලදි.

 
අප්‍රේල් 2024
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4